හිතවත් ඩ්‍රැකී අතුළු පිරිසට.
ශ්‍රී ලංකික බ්ලොග් ලියන්නන් එක් කරණ සුහද හමුවක් පැවැත්වීම සඳහා අවශ්‍ය සංවිධානය සඳහා අපගේ සින්ඩිය තෝරා ගැනීමට ඔබ කල යෝජනාවට අප ඔබ සැමට බෙහෙවින් ස්තූති වන්ත වන්නෙමු.
මේ සඳහා අවශ්‍ය ප්‍රචාරණය අපගේ සින්ඩිය හරහා සහ (දැනටමත් පටන් ගෙන තිබුනත් ක්‍රියා කාරීත්වය පැත්තෙන් තරමක දුර්වල තත්වයක පවතින ) අපගේ වත් පොත් ගිනුම භාවිතා කිරීමට හැක.
එසේම මේ ඔබලාගේ බ්ලොග් අඩවි තුලින් හා වත්පොත් ගිණුම් හරහා ඊට අවශ්‍ය සහය ලැබේවියැයි අප උදක්ම විශ්වාස කරණ්නෙමු.
මෙසේම විශ්ව විද්‍යාල හා උසස් පෙල මාධ්‍ය විශයට සම්බන්ධ පිරිසගේ සහයද ලබා ගැනීමට හැකිවේ දැයි සොයා බැලිය හැක.
එසේම මේ සඳහා දැනට ස්ක්‍රීයව බ්ලොග් ලියන්නන් කිහිප දෙනෙකු සහ ශ්‍රී ලංකික බ්ලොග් කරණයට සම්බන්ධ කුඩා කණ්ඩායමක අපට අවශ්‍ය බව අපට පෙනී ගොස් ඇත. මේ සඳහා ඔබලාගේ යෝජනා සහ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන අවමය 5 දෙනෙකු සහ උපරිමය 10 ක්පමණ වන කණ්ඩායමක් අප සමග අත්වැල් බැඳගැනීම මේ අවස්ථාවේදී අප බලාපොරොත්තු වන්නෙමු.
ප්‍රචාරණයේ මුල් පියවර ලෙස මෙම ලිවීම අපගේ සින්ඩියේ පෝස්ටුවක් ලෙස මේ මොහොතේම පල කරණු ලබන අතර; පෞද්ගලික මට්ටමින් එක් එක් බ්ලොගය සඳහා දැනුවත් කිරීම හෙටින් පටන් ගැනීමට අප කටයුතු කරණ ඇත.
අපගේ සින්ඩිය තුල; දැනට බ්ලොග් 1250 ක් පමණ ගොනු කොට ඇති අතර දිනකට බ්ලොග් 50 ක් වෙත මෙම සුහද හමුව පිළිබඳ පණිවිඩය යැවීමට කටයුතු කරණ අතර දින 25ක් එසේ නැතිනම් පෙබෙරවාරි මාසය තුල සියළුම බ්ලොග් වෙත පණිවිඩය ලැබීමට හැකිවනු ඇත! මේ සඳහා කමෙන්ටුවක් ලෙස ලිවිය හැකිවන අතර පොරමය contact form gadget එක ද ප්‍රයෝජනයට ගත හැකිවනු ඇත.
මෙම පලමු දැනුවත් කිරීමේදී ඒ පිළිබඳ නියමිත දිනයක්, ස්ථානයක් හා සහභාගී වන සංඛ්‍යාව වැණි කරුණු පිළිබඳව සොයා බලා ගැනීමට උත්සාහ කරමු.
එසේ නම් පලමුව අප කණ්ඩායම සමග එක්ව වැඩ කිරීමට කණ්ඩායමක් පත් කරණ මෙන් නැවතත් ඉල්ලා සිටිමි
ශ්‍රී ලංකීය බ්ලොග් අවකාශය දිනේවා! බ්ලොග් හමුවට ජයවේවා!!!
ඉතාමත් හොද යෝජනාවක්.. මුලු හදවතින්ම සුබ පතනවා. මාගේ සහයෝගය සදකඩපහන සින්ඩියට ලබාදෙන්න සූදානම්...
ReplyDeleteDelete
ස්තූතියි!
Deleteමෙන්න මගෙත් බොක්ක!
ReplyDeleteස්තූතියි!
Deleteහොද අදහසක්. කරන්න පුළුවන් උදව්වක් කරන්නම් .ගමනට සුබ පැතුම් .
ReplyDeleteස්තූතියි!
Deleteඅරමුණ හොඳයි නියමයි වැඩ පටන් ගමු
ReplyDeleteඑක පෙරමුණක ඉඳගෙන අපි වැඩ කරමු
ඉතිහාසයේ පාඩම් අපි ඉගෙන ගමු
ඒවා කියා දෙන්නැයි ඇරයුම් කරමු!
එකෙන්ම!
Deleteඑළකිරි..! මාත් එනෝ.. දෙන්න පුලුවන් උපරිම සහයෝගෙත් දෙනෝ.. ජය වේවා!
ReplyDeleteකමි එනවා කියන්නේ ඇතෙක් එනවා වගේ තමයි!
Deleteඑකෙන්ම!
Deleteblog අඩවි 1250ක් පමණ ඔබ සින්ඩියේ ඇතත්, ඉහත දැන්වීමට මෙතෙක් ප්‍රතිචාර දක්වා ඇත්තේ අප සිව් දෙනෙකු පමණක් වීම ගැන අතිශයින් පුදුම වෙමි.
ReplyDeleteඊට හේතු සොයා බැලීම පළමුවෙන් කළ යුතු යැයි සිතමි.
1. සහෝදර blog රචකයෙකු මේ සටහන දැක තිබුනේ නැත. ඒ මෙම post එක පිටුවේ පහතින් තියෙන නිසා බව කිව්වේය. එහි ඇත්තක් තිබෙන බව පෙනෙයි.
2. වර්තමාන blog ලියන්නවුන් ඔවුනට (මා මේ කියන්නෙ 1250 ගැනයි) උපකාරී වෙන මෙවැනි සින්ඩියකටවත් ගොඩ නොවදින අයද? /එතරම්ම කාර්ය බහුල අයද? / නැතිනම් ප්රතිචාර දැක්වීමකට පුරුදු නැති පිරිසක්ද?
3. ඔබ සින්ඩියෙන් ඔවුනට ඊමේල් යවන ඒවාටවත් ප්‍රතිචාර ලැබෙනවාද?
නිදි මහත්මයා අපගේ පෝස්ටුව; පිටුවේ පහල කෙළවරේ දැක්වෙන පරිදි සකසා ඇත්තේ සින්ඩියට මුල් තැනක් දීම සඳහාය. එම සැකැස්ම වෙනස් කොට පෝස්ටුව ඉහලට ගැනීමට අපගේ තාක්ෂ්ණික කණ්ඩායමට ඉමහත් වෙහෙසක් ගෙන දෙන කාරණයක් වේ. එසේම පෝස්ටුව ඉහලට ගත් විට සින්ඩිය භාවිතා කරණා අයට එය බාධාවක් විය හැක!
Deleteස්තුතියි, මා එලෙස යෝජනා කළේ 1. යටතේ සඳහන් කළ අත්දැකීම නිසාය.
Deleteඔබ සමූහය සැලසුම් කරන යහ කාර්යයට සුබපැතුම් . zoom හෝ Whatsapp මගින් එකතු වන්නට හැකිනම් සතුටුයි. මගෙන් විය යුතු යමක් ඇත්නම් කියන්න. හැකිනම් දුරකථන අංක එකතු කරගෙන Whatsapp කණඩායමක් හදන්න . නිදී කියල තිබ්බා වගේ වැඩි දෙනෙකුට පණිවිඩ යවන Group email ක්‍රමයක් , දුරකථන අංක වැනි පෞද්ගලික තොරතුරු එකතු කර ගත හැකි රහස්‍ය බව පිරි තොරතුරු එකතුවක් , ඒ වෙනුවෙන් වෙනම ගූගල් විද්යුත් ලිපිනයක් (gmail)පටන් ගන්න පුළුවන් . එවිට ගූගල් සේවා ලබාගෙන තොරතුරු බෙදා ගත හැකි Google Drive, Google Notes, Google sheets පාවිච්චි කරන්නට පුළුවන් . පරිගණක දැනුම ඇති කෙනෙක් ගෙන් උදව්වක් අරගන්න බලන්න .
ReplyDeleteඔබගේ යෝජනා අදහස් අපට ඉතා වැදගත් වන අතර ඔබගේ යෝජනා අප අපගේ තාක්ෂණික කණ්ඩායම වෙත යොමු කරණ්නෙමු. අප එදිනට ඔබව කෙසේ හෝ එකතු කර ගන්නට අදහස් කරණ්නෙමු!
Deleteමේකනං එන්නම ඕන හමුවක් තමයි.
ReplyDeleteඔව් අනිවා ඔබගේ පැමිණීම බ්ලොග් ලියන සැවොම අපේක්ෂා කරනු ඇත! පැමිණි දාට අපේ කණ්ඩායමත් හමුවන්න!
Deleteසහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටිමි. සංවිධාන කටයුතු ඔබ ද සඳහන් කර ඇති සංවිධායක මණ්ඩලයට බාරදීම සුදුසු බවයි මගේ හැඟීම.
ReplyDeleteසුහද හමුව කොයි තැනදෝ තිබෙන්නේ
ReplyDeleteකවද දිනකදෝ එය හැඩ මවන්නේ
සබඳ සැවොම දැකගන්නට හිතන්නේ
මමද එන බවක් මෙලෙසින් කියන්නේ.....
සුබ පැතුම් ...
මෙම සටහන මම දැක්කේ දැන්. මගෙත් සුභ පැතුම් සහ අත හිත. මගෙන් ඉටුවිය යුතු යමක් ඇතිනම් දැනුම් දෙන්න. ස්තුතියි.
ReplyDelete