දැනට අවකාශයේ පවතින සක්‍රීය සින්ඩියකි.
දැනට සක්‍රීයව ඇති සහ නැති වැඩිම බ්ලොග් ප්‍රමාණයක් ඇතුලත් වන්නේ අපගේ සින්ඩියට බව අප පවසන්නෙමු!
මෙහි ප්‍රධාන කොළම 20ක් ඇත.
1. කැඩපත් පවුර
2. බ්ලොග් සඟරා
3. සැඟවුනු වියනු
4. පුනරුප්පත්ති
5. බර කතා බහ
6. Wordpress බ්ලොග්
7. දේශීය පුවත් පත්
8. එන්න මගේ ප්‍රිය මිතුරෝ - (අළුතින් බ්ලොග් ලියන්නට එක්වන අය වෙනුවෙන්!)
9. කලාකෙත
10. රැජිනගේ කොළම - (ඉංග්‍රීසි ලියමන්)
11. විදේශීය පුවත් පත්
12. යළි නොලියවෙන
13. සොබා දම් රටා
14. Blogger පුරා වස්තු 1
15. Politics & News
16. Wordpress පුරා වස්තු
17. Blogger පුරා වස්තු 2
18. වෙබ් සඟරා
19. තවත් සින්ඩි
20. Blogger පුරා වස්තු 3
මෙම සින්ඩිය යාවත්කාලීන කරණ්නේද පවත්වාගෙන යන්නේද; බ්ලොග් ලියන කියවන ඔබේ පහසුව වෙනුවෙන් ය! මේ පිළිබඳව ඔබගේ වටිනා අදහස් අප වෙත එවන්න.
මේ පිළිබඳව ඔබගේ ගුණ දොස් අප ගෞරවයෙන් පිළිගන්නෙමු!
ඔබගේ අදහස් අපට දක්වන්න.
මේ පිළිබඳව ඔබගේ වටිනා අදහස් අප වෙත එවන්න.
ඒ සඳහා ක්‍රම තුනක් තියෙනවා.
1. මේ පෝස්ටුවට දාන කමෙන්ටුවක් ලෙස.
2. පහල ඇති පෝරමය පුරවා.
3. පහත ඇති ඊ ලිපිනය හරහා.
sandhakadapahana@gmail.com
එසේම අපගේ බ්ලොග් සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොග් අඩවියේ ප්‍රචාරයක් ලබා දෙන්න! .
නිමල් දිසානායකගෙ ජීවිත කතාව කියැවෙන; මං ලියන නිදිගෙ පංච තන්තරේට දැන් අවුරුදු අටක්... (පෝස්ට්ස් 752ක්. 2026 අප්‍රේල් 3 වෙනිදා හවස හත වෙද්දී - පිවිසුම් 5,16,292ක්.)
ReplyDeleteහැමදාම උදේට තේ එකත් අරගෙන කොම්පියුටරේ ඉස්සරහින් වාඩි වෙන මගේ සිරිත තමයි- blog අඩවිය ගැන විස්තර හොයා බලන එක. ආදරණීය සහෘද පාඨකයන් කී දෙනෙක් ගතවුණු දවස තුළදී මේ අඩවියට ඇවිත්ද- ඒ මොන මොන විදිහෙන්ද- කොහෙන්ද- වැඩියත්ම කියවලා තියෙන්නේ මොන මොන postsද- එවල තියෙන comments මොනවද වගේ විස්තර මං හොයන්නෙ ඒ වෙලාවට. ඒ වගේමයි, බ්ලොගය කියවන්න ඇවිත් තියෙන සහෘද රසික-රසිකාවියන් කොයි කොයි දේශ දීපංකරවලින්ද ඇවිදින් තියෙන්නේ කියලත් ඒ වෙලාවේදී මං හොයනවා.
එහෙම කරන්නේ බ්ලොගය ගැන අවිධිමත් තක්සේරුවක්; ඇගයීමක් කරමින්.
ඊට පස්සෙයි මං commentsවලට උත්තර ලියන්නේ... ඊටත් පස්සෙයි තෝරාගත් සහෘද බ්ලොග් අඩවිවල අලුත් posts කියවන්න ගන්නේ.
ඔයාලා දන්නවද, අර හොයා බැලිල්ලේදී මං දකින දේවල්...
- හැමදාම Top Locations තීරුවේ ශ්‍රී ලංකාව ඉන්නේ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි තැන්වලින් එකක. ඒත් අද; මේ දැන් බලනකොට- ශ්‍රී ලංකාව ඉන්නේ අටවෙනි තැනනෙ.
United States, Singapore, United Kingdom, India, Canada, France, Poland කියන රටවල් හතේ පාඨකයන් ‘යුද උණුසුම’ තියෙද්දිත් මගේ බ්ලොගය කියවලා. එහෙම කියවන්නේ ඉතිං සිංහල දන්න උදවියනේ... ඔන්න ඔයාලා හැමෝටම ලොකුම ලොකු ස්තුතියක් පුදන්නත් මං ඉඩක් ගන්නවා!
ඉතිං හැමදාම වගේ එහෙම ස්වයං ඇගයීමක් කරන මට පෙනෙන දේ තමයි මේ කියන්නේ.
‘සඳකඩ පහණ’ සින්ඩිය දැන් සින්ඩි අතර ඉහළම තැනක තියෙනවා.
නිදිගෙ පංච තන්තරේ Status තීරුවේ Top Referrersවලින් කියන්නේ ‘සඳකඩ පහණ’ සින්ඩිය හරහා එන ආදරණීය පාඨක පිරිස වැඩිම හෝ දෙවෙනියට වැඩිම හෝ වෙන විත්තියයි.
කාටද ආඩම්බර?
ස්තුතියි, ස්තුතියි, ස්තුතියි! ‘සඳකඩ පහණ’ සින්ඩියට ස්තුතියි.
‘සඳකඩ පහණ’ සින්ඩිය දිනේවා!