අපගේ කුඩා කණ්ඩායම මේ දිනවල බොහෝ අවිවේකීව කටයුතු කරයි.
එයට ප්‍රධාන හේතුව වන්නේ වත්මන් දේශපාලන වටාපිටාවයි.
අප කුමන කටයුත්තක යෙදුනද; දේශපාලනයෙන් ඉවත්ව කටයුතු කිරීමට අපට නොහැකිවී ඇත.
මන්ද අපද "දෙශපාලන සත්වයින්" වන බැවිනි.
මේර අප කණ්ඩායම අපගේ සහය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හට ලබා දෙන්නට තීරණය කොට ඇත.
ඒ වඩාත් හොඳ අනාගතයක් වෙනුවෙනි.
අපගේ මෙම සින්ඩිකේටරය භාවිතා කරණු ලබන විවිධ දේශපාලන පක්ෂ, කණ්ඩායම් වල සිටිනා අපගේ මිතුරු මිතුරියන් හට එය කිසිවිටෙක ගැටළුවක් නොවන්නේය.
අපගේ කණ්ඩායම දරණ පෞද්ගලික දේශපාලන මතය හා ඔබගේ වියණු හේ ඒවායේ පලවන / පලකරණ ලිපි අතර කිසිදු ආකාරයේ ගැටුමක් ඇති නොවේවි.
සින්ඩියක් ලෙස අප වඩාත් උනන්දු වන්නේ "ලියන" සමාජයක් දැකීම විනා අපගේ දේශපාලන කියැවීමම දරණ පිරිසක් දැකීම නොවේ!
ඒ නිසාම අපගේ දේශපාලනය ඔබද ගැටළුවක් කර ගැනීමෙන් වළකින්න.
අවකාශයේ පවතින බොහෝ සින්ඩිවලටද දේශපාලන කියැවීමක් ඇත. එය ප්‍රසිද්ධ සත්‍යයකි.
ඔවුන් හා අප අතර ඇති වෙනස වන්නේ අප අපගේ දේශපාලනය ඉදිරියේ ප්‍රසිද්ධියේ සිට ගැනීම පමණි.
ජයවේවා!
ජයයි සුබයි වෙනවාමයි ලොකු වෙනසක්
ReplyDeleteරට අනුරට වගෙයි- තව නෑ කතා දෙකක්
වෙනසෙන් උදා වේවා නව සමාජයක්
දැනුවත්- දෑ හිතැති පිරිසක් සිටින රටක්!