මෙරට බ්ලොග් අඩවි 1250 කට ගොඩ වැදිය හැකි පියගැට පෙළක ඇරඹුම . . .

මෙරට බ්ලොග් අඩවි 1250 කට ගොඩ වැදිය හැකි පියගැට පෙළක ඇරඹුම . . .

2. බ්ලොග් සඟරා (165)

6. එන්න මගේ ප්‍රිය මිතුරෝ (35)

Sunday, 8 September 2024

අනුර වෙත හැරෙමු!



 අපගේ කුඩා කණ්ඩායම මේ දිනවල බොහෝ අවිවේකීව කටයුතු කරයි.

එයට ප්‍රධාන හේතුව වන්නේ වත්මන් දේශපාලන වටාපිටාවයි.

අප කුමන කටයුත්තක යෙදුනද; දේශපාලනයෙන් ඉවත්ව කටයුතු කිරීමට අපට නොහැකිවී ඇත. 

මන්ද අපද "දෙශපාලන සත්වයින්" වන බැවිනි.

මේර අප කණ්ඩායම අපගේ සහය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හට ලබා දෙන්නට තීරණය කොට ඇත.

ඒ වඩාත් හොඳ අනාගතයක් වෙනුවෙනි.

අපගේ මෙම සින්ඩිකේටරය භාවිතා කරණු ලබන විවිධ දේශපාලන පක්ෂ, කණ්ඩායම් වල සිටිනා අපගේ මිතුරු මිතුරියන් හට එය කිසිවිටෙක ගැටළුවක් නොවන්නේය.

අපගේ කණ්ඩායම දරණ පෞද්ගලික දේශපාලන මතය හා ඔබගේ වියණු හේ ඒවායේ පලවන / පලකරණ ලිපි අතර කිසිදු ආකාරයේ ගැටුමක් ඇති නොවේවි.


සින්ඩියක් ලෙස අප වඩාත් උනන්දු වන්නේ "ලියන" සමාජයක් දැකීම විනා අපගේ දේශපාලන කියැවීමම දරණ පිරිසක් දැකීම නොවේ!

ඒ නිසාම අපගේ දේශපාලනය ඔබද ගැටළුවක් කර ගැනීමෙන් වළකින්න.

අවකාශයේ පවතින බොහෝ සින්ඩිවලටද දේශපාලන කියැවීමක් ඇත. එය ප්‍රසිද්ධ සත්‍යයකි.

ඔවුන් හා අප අතර ඇති වෙනස වන්නේ අප අපගේ දේශපාලනය ඉදිරියේ ප්‍රසිද්ධියේ සිට ගැනීම පමණි.




ජයවේවා!

Monday, 1 July 2024

අවකාශයේ පැතිරුණු විශාලතම බ්ලොග් සින්ඩිකේටරය!

 නැවත පලකිරීමක්!

මෙරට සියළු බ්ලොග් එක් වහලක් යටතට ගෙන එන්නට ගන්නා වෑයම . . . !

මේක තාම පර්යේශණ මට්ටමේ තියෙන සින්ඩියක්.

මේක තාම පර්යේශණ මට්ටමේ තියෙන සින්ඩියක්; නිසාම ඉදිරියේ මෙම කොලමයන් හෝ මාතෘකා හා ගොනු වෙනස් විය හැකියි.

මේ පිළිබඳව ඔබගේ වටිනා අදහස් අප වෙත එවන්න.

ඒ සඳහා ක්‍රම තුනක් තියෙනවා.

1. මේ පෝස්ටුවට දාන කමෙන්ටුවක් ලෙස.

2. පහල ඇති පෝරමය පුරවා.

3. පහත ඇති ඊ ලිපිනය හරහා.

sandhakadapahana@gmail.com

Sunday, 29 January 2023

බ්ලොග් හමුවක අරුණලු!

 හිතවත් ඩ්‍රැකී අතුළු පිරිසට.

ශ්‍රී ලංකික බ්ලොග් ලියන්නන් එක් කරණ සුහද හමුවක් පැවැත්වීම සඳහා අවශ්‍ය සංවිධානය සඳහා අපගේ සින්ඩිය තෝරා ගැනීමට ඔබ කල යෝජනාවට අප ඔබ සැමට බෙහෙවින් ස්තූති වන්ත වන්නෙමු.


මේ සඳහා අවශ්‍ය ප්‍රචාරණය අපගේ සින්ඩිය හරහා සහ (දැනටමත් පටන් ගෙන තිබුනත් ක්‍රියා කාරීත්වය පැත්තෙන් තරමක දුර්වල තත්වයක පවතින ) අපගේ වත් පොත් ගිනුම භාවිතා කිරීමට හැක.


එසේම මේ ඔබලාගේ බ්ලොග් අඩවි තුලින් හා වත්පොත් ගිණුම් හරහා ඊට අවශ්‍ය සහය ලැබේවියැයි අප උදක්ම විශ්වාස කරණ්නෙමු.


මෙසේම විශ්ව විද්‍යාල හා උසස් පෙල මාධ්‍ය විශයට සම්බන්ධ පිරිසගේ සහයද ලබා ගැනීමට හැකිවේ දැයි සොයා බැලිය හැක.


එසේම මේ සඳහා දැනට ස්ක්‍රීයව බ්ලොග් ලියන්නන් කිහිප දෙනෙකු සහ ශ්‍රී ලංකික බ්ලොග් කරණයට සම්බන්ධ කුඩා කණ්ඩායමක අපට අවශ්‍ය බව අපට පෙනී ගොස් ඇත. මේ සඳහා ඔබලාගේ යෝජනා සහ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන අවමය 5 දෙනෙකු සහ උපරිමය 10 ක්පමණ වන කණ්ඩායමක් අප සමග අත්වැල් බැඳගැනීම මේ අවස්ථාවේදී අප බලාපොරොත්තු වන්නෙමු.


ප්‍රචාරණයේ මුල් පියවර ලෙස මෙම ලිවීම අපගේ සින්ඩියේ පෝස්ටුවක් ලෙස මේ මොහොතේම පල කරණු ලබන අතර; පෞද්ගලික මට්ටමින් එක් එක් බ්ලොගය සඳහා දැනුවත් කිරීම හෙටින් පටන් ගැනීමට අප කටයුතු කරණ ඇත.


අපගේ සින්ඩිය තුල; දැනට බ්ලොග් 1250 ක් පමණ ගොනු කොට ඇති අතර දිනකට බ්ලොග් 50 ක් වෙත මෙම සුහද හමුව පිළිබඳ පණිවිඩය යැවීමට කටයුතු කරණ අතර දින 25ක් එසේ නැතිනම් පෙබෙරවාරි මාසය තුල සියළුම බ්ලොග් වෙත පණිවිඩය ලැබීමට හැකිවනු ඇත! මේ සඳහා කමෙන්ටුවක් ලෙස ලිවිය හැකිවන අතර පොරමය contact form gadget එක ද ප්‍රයෝජනයට ගත හැකිවනු ඇත.


මෙම පලමු දැනුවත් කිරීමේදී ඒ පිළිබඳ නියමිත දිනයක්, ස්ථානයක් හා සහභාගී වන සංඛ්‍යාව වැණි කරුණු පිළිබඳව සොයා බලා ගැනීමට උත්සාහ කරමු.


එසේ නම් පලමුව අප කණ්ඩායම සමග එක්ව වැඩ කිරීමට කණ්ඩායමක් පත් කරණ මෙන් නැවතත් ඉල්ලා සිටිමි


ශ්‍රී ලංකීය බ්ලොග් අවකාශය දිනේවා! බ්ලොග් හමුවට ජයවේවා!!!

Thursday, 28 October 2021

මෙරට සියළු බ්ලොග් එක් වහලක් යටතට ගෙන එන්නට ගන්නා වෑයම . . . !

මේක තාම පර්යේශණ මට්ටමේ තියෙන සින්ඩියක්.

මේක තාම පර්යේශණ මට්ටමේ තියෙන සින්ඩියක්; නිසාම ඉදිරියේ මෙම කොලමයන් හෝ මාතෘකා හා ගොනු වෙනස් විය හැකියි.

මේ පිළිබඳව ඔබගේ වටිනා අදහස් අප වෙත එවන්න.

ඒ සඳහා ක්‍රම තුනක් තියෙනවා.

1. මේ පෝස්ටුවට දාන කමෙන්ටුවක් ලෙස.

2. පහල ඇති පෝරමය පුරවා.

3. පහත ඇති ඊ ලිපිනය හරහා.

sandhakadapahana@gmail.com

අපෙන් ඔබට - ඔබෙන් අපට...

අප ඔබට දෙන ප්‍රචාරය සේම, අපට ද ප්‍රචාරයක් ලබා දෙන්න, පහත ඇති කෝඩ් එක කොපි කරගෙන, ඔබගේ බ්ලොගයේ Layout හි, HTML/JavaScript ගැජටයක් අලුතින් අරඹා, එහි content යටතේ පේස්ට් කර, සේව් කරන්න...

සැළකිය යුතුයි - මෙම කේතයේ ඇති සෑම [ සළකුණක් වෙනුවට ම < යොදා සේව් කරන්න.

[a href="http://sandhakadapahana.blogspot.com" target="_blank">[img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxELgSpX9vAHFAldRyIMbff1nUqaEubf2vF2Siwcb-ejKIz68SS8Mh5NUwcScb8Wa-LI3kHwfxS1TvKtatYONsFIyb_h9mM02sxNdxAujMaBsa3izqQtYn5NyeSRrYeikBgaSPtvu-mrIf/s311/Capture.PNG" border="0" />