මෙරට බ්ලොග් අඩවි 1250 කට ගොඩ වැදිය හැකි පියගැට පෙළක ඇරඹුම . . .

මෙරට බ්ලොග් අඩවි 1250 කට ගොඩ වැදිය හැකි පියගැට පෙළක ඇරඹුම . . .

2. බ්ලොග් සඟරා (165)

6. එන්න මගේ ප්‍රිය මිතුරෝ (35)

Saturday, 15 November 2025

සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව!


මේ වන තෙක් අපට නිළ වශයෙන් මෙම බ්ලොග් හමුව පිළිබඳව කිසිදු දැනුම් දීමක් සිදුවී නැති මුත් 
මෙම බ්ලොග් හමුව සංවිධානය කරණු ලබන සුභාෂ් ගුණවර්ධන හෙවත් "දුකා" බ්ලොග් රචක සොයුරාගේ මුහුණු පොතෙන් උපුටා ගත් සටහන මෙසේ අපගේ පෝස්ටුවක් ලෙස පෙළගස්වන්නෙමු! 
එසේ නම් ඊට රොද බැඳ පැරණි සුහදකම් අළුත් කරගනු ඇතියි අප බලා පොරොත්තුවන අතර ඊට අවශ්ය සහයක් ලබා දීමට අප බලාපොරොත්තු වන්නෙමු . . . . . . . . . . . !

ලඟදී දවසක අපේ යාලු කෙහෙල් කොටුවේ පුංචි මහත්තයා හෙවත් බුද්ධි ප්‍රසාද් ගේ උපන්දිනේට සුබ පතන්න කෝල් එකක් දුන්නා.

"කාලෙකින් පරන බ්ලොගර්ස්ලා මුනගැහුණේ නෑ දුකා අයියා" කියලා බුද්ධි කිව්වහම අපි පරන බ්ලොග් ලියපු කාලේ, බ්ලොග් සැණකෙලි ගැන කතා කලා සෑහෙන කාලයක්.

සිංහලෙන් ලිව්ව බ්ලොගර්ස්ලගේ අන්තිම සයිබර් ෆෙස්ටිවල් එක තිබ්බේ 2011දි වගේ කියලා අපි කතා වුනේ.

"මගේ viroosh sports complex” එකේ ක්‍රිකට් ස්ටේඩියම් එක මම ෆ්‍රී දෙන්නම්. පරන බ්ලොගර්ස්ලා ආයේ මුනගස්වන්න අපි Blogger’s Reunion එකක් කරමු කියලා මම යෝජනා කලා.

The Last Raw එකේ අනුරාධ සංජය - ඕනයා, මගේ මරණය, වෙනී අයියා, රුචක, මීගොඩයා, නවම් මාවත, රන්දිල්, කවින්ද්‍යා, ටීනා හෙවත් ෆා ද බ්ලොගී, ඇල්කෙමියා, තේණුවර අයියා, චින්තක අයියා, දේවක, නෙරංජි, සහ තව කීප දෙනෙක්ටම කතා කලා.

ලන්ච් එක සහ DJ වෙනුවෙන් අපි රුපියල් 1,500ක විතර මුදලක් අය කරමු කියලා මම කිව්වහම සමහර අය මතක් කලේ අවුරුදු 14කට-15කට කලින් කරපු සයිබර් ෆෙස්ටිවල් වලටත් අපි එකතු කලේ ඒ වගේ ගානක්නේ කියලා.

ග්‍රවුන්ඩ් එකට ගෙවන්න එක්ක ඒ ගාන කලෙක්ට් කරන්න ඇත්තේ. දැන් ස්ටේඩියම් එක මම ෆ්‍රී දෙන නිසා ලන්ච් එකටයි DJ එකටයි තව අමතර වියදම් වලටයි හිතුවාම 2025ත් ඒ ගානම ඇති කියලා මම කිව්වේ.

ඉස්සර බ්ලොග් ලියපු පොඩි කෙල්ලෝ කොල්ලෝ ඔක්කෝම දැන් ළමයි ඉන්න අම්මලා තාත්තලා - ඒ නිසා ඉස්කෝලේ නිවාඩු දවසක් දාගන්න කිව්ව නිසා ලබන මාසේ (දෙසැම්බර්) 6 වෙනිදා ඉවෙන්ට් එක තියන්න අපි ෆික්ස් කර ගත්තා.

බ්ලොග් එකකින් ලියන්න පටන් අරන් දැන් ලේඛකයෝ ලේඛිකාවෝ වුනු සෑහෙන දෙනක් ඉන්න නිසා ඒ අය ලිව්ව පොත් අනිත් අයට මිලදී ගන්න අවස්තාව හදලා දෙන්න ස්ටෝල් එකක් දාමු කියලා වෙනී අයියා යෝජනා කලා - ඒ කියන්නේ එදාට තමන් ලිව්ව පොත් විතරක් නෙමේ මොනවා හරි ක්‍රියේෂන් කරනවා නම් ඒවා අරන් එන්න ස්ටෝල් එකේ දාමු අපි.

මම අපේ විරූෂ් පේජ් එකේ ඉවෙන්ට් එකක් හැදුවා. ඔයාලා දන්න එදා මෙදාතුර බ්ලොග් ලියන හැම බ්ලොගර් කෙනෙක්ටම ඉවෙන්ට් එකට ඉන්වයිට් කරන්න.

ඔයාලගේ බ්ලොග් එකේ ලින්ක් එක, බ්ලොග් ලියන කාලේ හඳුන්වාදුන්නු බ්ලොග් නම එක්ක කොමෙන්ට් කරන්න.

ලඟඳී අපි එකවුන්ට් නම්බර් එකක් දෙන්නම් ඒකට ටිකට් එකේ ගාන ට්‍රාන්ස්ෆර් කරන්න. ටිකට් ෆී එක කලින් දුන්නම අපිට ලේසියි අදාල තැන් වලට ඇඩ්වාන්ස් එහෙම ගෙවන්න.

මේ පහල ලින්ක් එකෙන් ඉවෙන්ට් එකට යන්න.

එනවා නම් ගොයින් ක්ලික් කරන්න.

ඉවෙන්ට් එකට අදාල ඕනෑම දෙයක් ඒකේ දාන්න.

පලි.
1. මේක ඉවෙන්ට් එක බ්ලොග්ස් ලිව්ව අයට විතරක් නෙමේ - කියවපු, කොමෙන්ට් කරපු ඔක්කෝටම එන්න පුලුවන් එකක්.

2. කලින් කිව්වා වගේ බ්ලොග් ලිව්ව ඔක්කෝම වගේ දැන් දරු පවුල් කාරයෝ කාරියෝ. ඒ නිසා හැමෝම පවුලේ හැමෝම එක්ක එන්න එදාට.


https://www.facebook.com/share/1BkZM3Fpsd/?mibextid=wwXIfr


 

Monday, 1 July 2024

අවකාශයේ පැතිරුණු විශාලතම බ්ලොග් සින්ඩිකේටරය!

 නැවත පලකිරීමක්!

මෙරට සියළු බ්ලොග් එක් වහලක් යටතට ගෙන එන්නට ගන්නා වෑයම . . . !

මේක තාම පර්යේශණ මට්ටමේ තියෙන සින්ඩියක්.

මේක තාම පර්යේශණ මට්ටමේ තියෙන සින්ඩියක්; නිසාම ඉදිරියේ මෙම කොලමයන් හෝ මාතෘකා හා ගොනු වෙනස් විය හැකියි.

මේ පිළිබඳව ඔබගේ වටිනා අදහස් අප වෙත එවන්න.

ඒ සඳහා ක්‍රම තුනක් තියෙනවා.

1. මේ පෝස්ටුවට දාන කමෙන්ටුවක් ලෙස.

2. පහල ඇති පෝරමය පුරවා.

3. පහත ඇති ඊ ලිපිනය හරහා.

sandhakadapahana@gmail.com

Thursday, 28 October 2021

මෙරට සියළු බ්ලොග් එක් වහලක් යටතට ගෙන එන්නට ගන්නා වෑයම . . . !

මේක තාම පර්යේශණ මට්ටමේ තියෙන සින්ඩියක්.

මේක තාම පර්යේශණ මට්ටමේ තියෙන සින්ඩියක්; නිසාම ඉදිරියේ මෙම කොලමයන් හෝ මාතෘකා හා ගොනු වෙනස් විය හැකියි.

මේ පිළිබඳව ඔබගේ වටිනා අදහස් අප වෙත එවන්න.

ඒ සඳහා ක්‍රම තුනක් තියෙනවා.

1. මේ පෝස්ටුවට දාන කමෙන්ටුවක් ලෙස.

2. පහල ඇති පෝරමය පුරවා.

3. පහත ඇති ඊ ලිපිනය හරහා.

sandhakadapahana@gmail.com

අපෙන් ඔබට - ඔබෙන් අපට...

අප ඔබට දෙන ප්‍රචාරය සේම, අපට ද ප්‍රචාරයක් ලබා දෙන්න, පහත ඇති කෝඩ් එක කොපි කරගෙන, ඔබගේ බ්ලොගයේ Layout හි, HTML/JavaScript ගැජටයක් අලුතින් අරඹා, එහි content යටතේ පේස්ට් කර, සේව් කරන්න...

සැළකිය යුතුයි - මෙම කේතයේ ඇති සෑම [ සළකුණක් වෙනුවට ම < යොදා සේව් කරන්න.

[a href="http://sandhakadapahana.blogspot.com" target="_blank">[img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxELgSpX9vAHFAldRyIMbff1nUqaEubf2vF2Siwcb-ejKIz68SS8Mh5NUwcScb8Wa-LI3kHwfxS1TvKtatYONsFIyb_h9mM02sxNdxAujMaBsa3izqQtYn5NyeSRrYeikBgaSPtvu-mrIf/s311/Capture.PNG" border="0" />